බටහිර වෛද්‍ය විද්‍යාව අන් රටවල මෙන්ම අපේ රටේත් ප්‍රමුඛ වෛද්‍ය
ක්‍රමය බවට පත් වී තිබුනද අපේ රටට ආවේනික සිංහල වෙදකම කිසිවිටකත් නොසලකා
හැරිය නොහැකියි. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා සාර්ථක ප්‍රතිඵල යම් යම් ලෙඩ
රෝග සම්බන්ධයෙන් සිංහල වෙදකමෙන් අත් කරගන්නට පුළුවන් බව කාටත් තේරුම් ගත
හැකි සත්‍යක්. කැඩුම් බිඳුම් හිරි වැටීම් ස්නායු රෝගාබාධ වලට අදටත් බොහෝ
දෙනා බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා විශ්වාසයක් තබන්නේ සිංහල වෙදකම ගැනයි.
සිංහල වෙදකම ආයුර්වේදය ලෙසත් ප්‍රසිද්ධයි. මෙහි අර්ථය වන්නේ ආයු වර්ධන වේදය
යන්න. වේදය යනු යම් ශාස්ත්‍රයකට යෙදෙන හැඳින්වීමකි.
ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ හෙළ වෙදකමේ මූලාශ්‍ර හෝ දැනුම
ගැන නොවේ. මෙයින් අප උදක් බලාපොරොත්තු වන්නේ සිංහල වෙදකම ආශ්‍රිත දැනුම
සිංහල සමාජය පුරා එක් එක් මට්ටම් වලින් ඇතිර පැතිර තිබෙන ආකාරයත්, ජනයා හෙළ
වෙදකම ආශ්‍රිත දැනුම පරිහරනය කරන ආකාරයත් ගැන කරුණු කාරනා කිහිපයක් ගෙන
හැර පෑමයි. බටහිර වෛද්‍ය විද්‍යාවේනම් යම් ලෙඩකට ප්‍රතිකර්ම කෙරෙන්නේත්
ලෙඩේ වෙනමම සැලකිල්ලට ගෙන එහි මූලාශ්‍රයන් ගැන කරුනු සොයමින්. එහෙත් සිංහල
වෙදකමේ ලෙඩාගේ සර්වාංගයම සැලකිල්ලට ගෙන ලෙඩාට ප්‍රතිකර්ම කෙරෙන්නේ අසනීපයේ
ශාරීරික හා මානසික පදනම ගැන විශ්ලේශනයක් කෙරෙමින්. බටහිර වෛද්‍ය
විද්‍යාවේදී ශරීරයේ යම් තැනක හෝ මුළු සිරුරෙහිම ඇතිවන අසනීප තත්වයකට ඖෂධ
ලබා දීමේදී ජීව රසායනික ක්‍රියාකාරිත්වයන් පදනමට ගෙන ඖෂධ ලෙස යම් යම්
රසායනිකයන් 100% ඒ සංඝඨක ලෙසින් ලබා දීම සිදු කෙරේ. එහෙත් ආයුර්වේදයෙහි
වැඩි වශයෙන් සිදු වන්නේ ශාඛ කොටස් හා වෙනත් ද්‍රව්‍ය රැසක් එකට එක් කර
ඖෂධීය සංඝඨක එකතුවක් මගින් සර්වාංගයම සුවපත් කිරීමයි.
බටහිර වෛද්‍ය ක්‍රම වේදයන් හා ඊට සමගාමී සමාජ තත්වයන් දෙස බලද්දී අපට
දකින්නට ලැබෙන්නේ වෛද්‍ය විද්‍යාවේ දැනුම සාමාන්‍ය සමාජය තුල පැතිරී ඇත්තේ
අල්ප වශයෙන් යන්නයි. වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව සාමාන්‍ය පුද්ගලයෙකුට
යම් අසනීපයකදී කර හැක්කේ බොහෝ දුරට යම් වේදනා නාශකයක් භාවිතයට ගැනීම පමණකි.
එහෙත් සිංහල වෙදකම හා ඒ ආශ්‍රිත දැනුම සැලකිල්ලට ගත් කල සමාජයේ තරමක් වැඩි
වශයෙන් වෙදකම ආශ්‍රිත දැනුම පැතිරී පවතින බවක් පෙනේ. පොඩි උදාහරනයක් ලෙස
සිරුරේ උෂ්ණ හා සිසිල් ගති සමබරව තබාගැනීමට අපේ සමාජයේ පුද්ගලයන්ට තිබෙන
සාමාන්‍ය දැනීම සැලකිල්ලට ගත හැක. උෂ්ණ කෑම සීතල කෑම ගැන ඇති දැනුම හා ආහාර
රටාවෙන් උෂ්ණ හා සිසිල් ගතිය සිරුරේ සමබරව තබාගැනීමට අපේ පැරැණ්නන් මෙන්ම
අද සමාජයේ බොහෝ දෙනාද දනිති. ගෘහණියන් ඉවුම් පිහුම් කටයුතු වලදී කරපිංචා
සුදුලූණු ගම්මිරිස් ආදිය මෙන්ම වෙනත් කුළුබඩු යොදා ගනු ලබන්නේ ආහාර
රසගැන්වීමට පමණක්ම නොව යම් ඖෂධීය ගුණයක්ද ආහාරයට එක් කිරීමටයි. හේන් වගාව,
ගොවිතැන් කරන අය සර්ප විෂට කරන ප්‍රතිකර්ම ගැන සාමාන්‍ය දැනීමක් ඇති අය වූ
බවක් පෙනෙන්නට තිබේ. එමෙන්ම කම්මල් කරුවන් පිලිස්සුම් තුවාල වලට කරන
ප්‍රතිකාර ගැන දැනගැනීම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. මවුවරුන් දරුවෙකුට උණක්
හෙම්බිරිස්සාවක් හැදුනු විට කොත්තමල්ලි ටිකක් හෝ තම්බා දීමට දැනගෙන සිටිති.
ඒ දැනුම කෙනෙක් දෙදෙනෙක් අතර නොව මුළු සමාජයම පුරාවට පැතිර ඇත. තෙහෙට්ටුව
කම්මැලි ගතිය ආහාර අරුචිය ආදියට සුදුසු දසමූලාරිෂ්ඨ ගැන ජනයා අතර සාමාන්‍ය
දැනුමක් තිබේ. වෙද මහතෙකුගේ උපදෙස් ලබා නොගෙන වුවත් යම් යම් අසනීප
තත්වයන්ට කළ හැකි සුළු ප්‍රතිකර්ම ගැන දැනුමක් ජන සමාජය පුරාවට ඇත. මේවා
හැඳින්වෙන්නේ බොහෝ විට අත් බෙහෙතක් කිරීම ලෙසයි. අද පරම්පරාව ලබා සිටින
දැනුම අනුව බොහෝ දෙනා හුරු වී සිටින්නේ අපට ආවේනික දැනුමෙහි අඩුපාඩු
දකින්නටත් ඇතැම් විට දැනුම හෑල්ලු කිරීමටත් පමණකි. හෙළ වෙදකම් ආශ්‍රිත
දැනුම ගැන කියන්නට ඇත්තේත් ඒ ටිකමය. ඒ එසේ වුවත් දැන්නම් හෙළ වෙදකම ඇතුළුව
අනෙකුත් සියළු දේ සම්බන්ධයෙන් අපේ රටට ආවේනික දැනුමෙහි වැදගත්කම් හා
විශිෂ්ඨතා ගැන විචාරවත් ලෙස සොයා බැලීමක් කිරීමට කාලය උදා වී තිබේ.
No comments:
Post a Comment