අපද මත්පැන් නම් සර්පයා අහලකටවත් වද්ද නොගත්තෙමු.
නාට්‍ය කන්ඩායමේ මිත්‍රශීලීත්වයෙන් ද අප සතුටුවීමු. සභාතොමෝ විසිරගියේ සතුටිනි.
මම මනමේ ගැන අසා තිබුනේ පාසල් කාලයේය. එහි දෙබස් මට තවම මතක තිබීමෙන් එය මට කොතරම් ආකර්ශනීය වීද කියා කීමට හොදම සාක්ෂියකි.
නාට්‍යයක් පෙන්වීමට යමකට ආධාර පිණිසම වන ව්‍යාපෘතියක කොටසක් විය යුත්තේ ඇයි. ආධාර පිණිස ව්‍යාපෘතියක ටිකට් ගන්නේ නාට්‍ය බැලීමට ඇති අවශ්‍යතාවය නිසා නොවේ. වචනය කඩන්නට බැරිකමටය. අපටනම් එන්න වෙන්නෙ නෑ ඒත් ඔයාට බෑ කියන්න බෑනෙ කියා ටිකට් ගනී. ඇත්තෙන්ම අප කැන්වසින් කර ටිකට් විකිනූ අයගෙන් සීයට අනූනමයක්ම නාට්‍ය බැලීමට ආවේ නැත. එහෙත් ඇත්තම නාට්‍ය රසිකයන් එදින දොරටුවෙන් ටිකට් ලබා පැමිණියහ. ඔවුන් ඇත්තෙන්ම පිය දසුනක්ම විය. එහෙත් මේ ප්‍රමාණය වියදම කවර් කරන්න ප්‍රමාණවත් නැත .souvenir එකක්ද කළ යුතුය. ටිකට් පොත් සාමාජිකයන්ට දී ටිකට් මිනිසුන්ගේ ඇගේ ගසන්නට සිදුවේ. ඇත්තෙන්ම නාට්‍ය කලාව මෙතනට වැටිය යුතු නැත. විශේෂයෙන්ම සම්භාව්‍ය නාට්‍ය.
නාට්‍ය හා සිනමාව යනු කලා මාධ්‍ය දෙකකි. කවදා හෝ සිනමාවත් මෙතනට වැටේවිද.
පොරකකා ටිකට් ගන්න නාට්‍ය රසික ප්‍රජාවක් හදන්න බැරිවේද?
මේ සිතිවිලිවල සැරිසරමින් සිටින මට මනමේ නාට්‍යයේ අපූරු තැනක් හසුවිය. එනම් රාජගුරු කුමරා හා කුමරිය විවාහ කර දෙන්නේ ලංකාවේ දෙවිවරුන්ගේ ආශිර්වාද පතමිනි. එතන යම් නොගැලපීමක් ඇත.
තවත් තැනක වැද්දන් එනවිට කුමරිය බියවී එසැනින්ම සටනට යන ලෙස කුමරු පොළඹවයි .එයද පරස්පර විරෝධීය. මනමේ නාට්‍යයේ ස්ත්‍රිය පැසිව් චරිතයකි. සියුමැලි ඇය ට රැකවරනය අවශ්‍යය. මනමේ නාට්‍යයේ මුල් කතාව තුල ස්ත්‍රියගේ චපල බව ඉස්මතුකිරීමේ වුවමනාව තිබිණි. සරච්චන්ද්‍රයෝ එහි දළ බව අඩුකර මානුෂික මුහුණුවරක් දුනි.මා දුටු කතාවේ නම් ඇත්තෙන්ම කුමරිය වැද්දාට කඩුව දුන්නේ නැත. ඇය කීවේ යටත් වූ සතුරා නොමරන ලෙසයි. මා නම් මනමේ කුමරියගෙන් දුටුවේ උතුම් මිනිස් ගුනයකි. කාරුණික බවකි චපලකමක් නොවේ.
වරද සිදුවුනේ කොතනද? මනමේ කුමරියට කුමරුගේ මරණින් පසු ආරක්ෂාව අවශ්‍ය විය. ඇය වැදිරජු හා සරන යාම ස්වාභාවිකය. අසරණ කුමරිය කැලය තුල වෙන කුමක් කරන්නද. සියල්ල සතුටින් අවසන් වීමට ඔන්න මෙන්න කියා තිබියදී කුමරියගේ කට වැරදුනි. ඇය ඇත්තෙන්ම වැදිරජුගෙන් ලකුනු දමා ගැනීමට කී අනවශ්‍ය කතාවක් නිසා සියල්ල අවුල් විය. හරි දේ පවා වැරදි වෙලාවක නොකිව යුතුය. අවස්ථාවට අනුව කළ යුතු හොදම විකල්පය මනමේ කුමරිය තෝරාගත්නමුත් කට වැරදීම නිසා අවුල් විය.එහෙත් වෙනත් කතාවල කුමරිය කොපුව කුමරාටත් කඩුව වැද්දාටත් දෙනබව කියනු ලැබේ. එහෙත් මා දුටු නාට්‍යයේ එවැන්නක් නොවීය. මගේ අදහස මා දුටු මනමේ කතවට පමණක් අදාල වේ.
මෙම කතාවේ කලු සුදු චරිත නැත. වීරයන් හා දුෂ්ටයන් හදුනාගන්නට අමාරු කතාවකි. වීරයා විටෙක මෝඩයෙකි යටත් වූ සතුරා මරන යුධ අපරාධකරුවෙකි. දුෂ්ටයා ඕනෑම ගැහැනියක් හා යහන් ගතවෙන අයෙක් නොවේ. මෙවැනි අඟනක් මවැනියන් හට කවර සරනද කියා අසයි. ඔහුගෙන් යුවලට හිංසාවක් සිදුනොවේ. මනමේ කුමරාගේ මරනය ගැන කුමරිය චෝදනා කරන විට තම නිදහසට කරුනු දක්වන වැදි රජු ගොඩ නගන තරික බලන්න. ඔහු ම්ලේච්ඡයෙකු නොවේ. වනය ඔහුගේ රාජ්‍යයයි. එයට ඇතුලුවන ස්ත්‍රීන් ඔහුගේ දේපොළකි. ඒ වනයේ නීතියයි. වනය ඔහුගේ දේපොළකි. ඔහු අත වරද නැත.
සමාජය ලෝකය ගැන කිසිවක් නොදැන එක්ටම් ගෙයක වැනි පරිසරයක වැඩුන කුමරිය අතින් වරදක් වුවද එය දෙස අප බැලිය යුත්තේ මානුෂිකවය. පෙම් යුවල මැද්දට පැන වැද්දා කළේ අනවශ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක් වුවද කතාවේ අවසානය සුඛාන්තයක් වීනම් නොහොත් වැද්දා හා කුමරිය විවාහ වී ගීයක් ගයමින් නාට්‍ය අවසන් වී නම් මා වඩා කැමැත්තෙ
No comments:
Post a Comment