Showing posts with label සංචාර. Show all posts
Showing posts with label සංචාර. Show all posts

Thursday, November 15, 2018

කොළඹ නුවර දුම් රිය ගමනක සිත්ගත් තැන්.

කොළඹ සිට නුවරට පොඩිමැණිකේ දුම් රියෙන් රඹුක්කන පසු කොට.










                                                             බලන දුම් රිය ස්ථානයේ



                     පේරාදෙණියේදී සඥ්ඥා දෝශයක් හේතුවෙන් මග නැවතී.


මහනුවර සිට කොළඹට කඩුගන්නාව පසු කරමින්





බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම් රිය ඉහලකෝට්ටේ දුම් රිය        ස්ථානය වෙත ලඟා වෙමින්

                          

              වංගු සහිත මාර්ගයේ හෙමින් පල්ලම් බහින කෝච්චිය



                     ඉහලකෝට්ටේ දුම් රිය ස්ථානය පසු කරමින්

W3 පංතියේ ඩීසල් හයිඩ්‍රොලික් ඇන්ජිමක් දුම් රියට යොදාගෙන තිබීමත් විශේෂත්වයක් උනා. මේ ඇන්ජින් මෑත කාලයේ දුර ධාවනය වන දුම් රිය වලට එතරම්  යොදා ගැනෙනේ නෑ.

Monday, July 9, 2018

සොබා සිරි

නකල්ස් වනාන්තරය

සොබා සෞන්දර්යයෙන් අනූන නකල්ස් වනාන්තරය දේශීය හා විදේශීය සංචාරකයන් අතර මහත් ජනප්‍රිය වූවකි. මෙය ඉතා අගනා පරිසර පද්ධතියකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රියතම සංචාරක ප්‍රදේශයක් වන නකල්ස් කඳු වැටිය ආශ්‍රිත ස්වභාවික වන ගහනය මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක ආශ්‍රිතව විහිදී පවතියි.





සිංහරාජ වනය

ජෛව විවිධත්වය අතින් ලෝක උරුමයක් වූ සිංහරාජය දැනට ලංකාවේ විශාලතම ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ස්වභාවික වැසි වනාන්තරයයි. දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ඉහල ප්‍රසිද්ධියක් උසුලයි. සිංහරාජය රත්නපුර කළුතර හා ගාල්ල යන දිස්ත්‍රික වල මායිම් මැදි කරගෙන පිහිටා තිබේ.