Showing posts with label Travel. Show all posts
Showing posts with label Travel. Show all posts

Friday, July 13, 2018

උනවටුන








උනවටුන මුහුදුතීරය ලංකාවේ දෙස් විදෙස් සංචාරකයන් අතර බොහෝ ජනප්‍රිය තැනක්. උනවටුනට ගාලු පුරවරයෙන් මාතර දෙසට දිවෙන මාර්ගයේ කෙටි දුරක් යන විට ලඟාවෙන්න පුළුවන්. මෙම ප්‍රදේශය ස්වභාව සෞන්දර්ය අතින් ඉතා ඉහලයි. විශේෂයෙන් විදේශීය සංචාරකයන් වැඩි පිරිසක් මෙම ප්‍රදේශයට ආකර්ශනය වෙනවා. උනවටුන ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්යට අමතරව තවත් විශේෂත්වයක් තිබෙනවා. අපේ රටේ ජීවත්ව සිටි ප්‍රකඨ විද්‍යාඥ්ඥයෙකු වන ආතර් සී ක්ලාක් මහතා පවසන ආකාරයට ලොව වෙනත් ස්ථාන වලට සාපේක්ෂව පොළවේ ගුරුත්වාකර්ෂණය අවම මට්ටමක් ඇත්තේ උනවටුන ප්‍රදේශයේ.

Monday, July 9, 2018

සොබා සිරි

නකල්ස් වනාන්තරය

සොබා සෞන්දර්යයෙන් අනූන නකල්ස් වනාන්තරය දේශීය හා විදේශීය සංචාරකයන් අතර මහත් ජනප්‍රිය වූවකි. මෙය ඉතා අගනා පරිසර පද්ධතියකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රියතම සංචාරක ප්‍රදේශයක් වන නකල්ස් කඳු වැටිය ආශ්‍රිත ස්වභාවික වන ගහනය මාතලේ හා මහනුවර දිස්ත්‍රික්ක ආශ්‍රිතව විහිදී පවතියි.





සිංහරාජ වනය

ජෛව විවිධත්වය අතින් ලෝක උරුමයක් වූ සිංහරාජය දැනට ලංකාවේ විශාලතම ප්‍රදේශයක් පුරා පැතිරී ඇති ස්වභාවික වැසි වනාන්තරයයි. දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ඉහල ප්‍රසිද්ධියක් උසුලයි. සිංහරාජය රත්නපුර කළුතර හා ගාල්ල යන දිස්ත්‍රික වල මායිම් මැදි කරගෙන පිහිටා තිබේ.